ඊශ්‍රායලයේ
මීළඟ ඉලක්කය තුර්කිය වීමේ
දැඩි අවදානමක් පවතින බව තුර්කි
විදේශ අමාත්‍ය හකන් ෆිඩාන්
ප්‍රකාශ කළේය.
ඉරානය
සමඟ පවතින ගැටුම්වලින් අනතුරුව
ඊශ්‍රායලය සිය අවධානය තුර්කිය
දෙසට යොමු කරනු ඇතැයි අන්කාරා
පාලනය සැක පළ කරයි.
ඇනඩොලු
පුවත් ඒජන්සිය සමඟ
පැවති සම්මුඛ සාකච්ඡාවකදී
අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා
කියා සිටියේ ඊශ්‍රායලය,
ග්‍රීසිය
සහ සයිප්‍රසය අතර වර්ධනය
වෙමින් පවතින සහයෝගීතාවය
හේතුවෙන් තුර්කිය වටලෑමකට
ලක්වෙමින් පවතින බවයි.
විශේෂයෙන්ම
නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ
බලශක්ති සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි
මෙම රටවල් තුන පවත්වන සන්ධානය
තුර්කියේ ජාතික ආරක්ෂාවට
තර්ජනයක් බව ඔහු පෙන්වා දුන්නේය.
“ඉරානයෙන්
පසුව ඊශ්‍රායලයට සතුරෙකු
නොමැතිව පැවතිය නොහැක.
ඒ
අනුව ඔවුන් තුර්කිය නව සතුරෙකු
ලෙස නම් කිරීමට උත්සාහ කරමින්
සිටිනවා“.
ඊශ්‍රායලය
සමඟ යුද අභ්‍යාස සහ අවි ගනුදෙනුවල
නිරත වන ග්‍රීසියේ ක්‍රියාකලාපය
“අන්තරායකර”
ප්‍රතිපත්තියක්
බව හකන් ෆිඩාන් අවධාරණය කළේය.
ග්‍රීසිය
නේටෝ (NATO)
සාමාජිකයෙකු
වන අතර සයිප්‍රසයට යුරෝපා
සංගමයේ සහාය හිමි වේ.
එවැනි
පසුබිමක ඊශ්‍රායලය සමඟ මෙවැනි
මිලිටරි සන්ධානයක් ඇති කර
ගැනීමේ තාර්කික පදනම කුමක්දැයි
ඔහු ප්‍රශ්න කළේය.
ඊශ්‍රායලය
සමඟ පවතින මෙම සමීප සබඳතාවය
හේතුවෙන් ග්‍රීසිය අනවශ්‍ය
කලාපීය ගැටුම්වලට ඇද දැමීමේ
අවදානමක් පවතින බව ද ඔහු පැවසීය.
මීට
ප්‍රතිචාර දක්වමින් ග්‍රීක
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ
කර ඇත්තේ තමන් කිසිදු පාර්ශවයක
උපදෙස් මත කටයුතු නොකරන බවත්,
ස්වෛරී
රාජ්‍යයක් ලෙස තීන්දු තීරණ
ගැනීමේ අයිතිය තමන් සතු බවත්ය.
තුර්කි
ජනාධිපති රිසෙප් තායිප්
එර්ඩොගන් මීට පෙර ඊශ්‍රායලය
වෙත දැඩි විවේචන එල්ල කරමින්
ඔවුන් ගාසා තීරයේ ජන සංහාරයක
නිරත වන බවට චෝදනා කළේය.
මීට
පිළිතුරු ලෙස ඊශ්‍රායල ආරක්ෂක
අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස්,
තුර්කි
ජනාධිපතිවරයා “කඩදාසි
කොටියෙකු”
ලෙස
හඳුන්වමින් අපහාසාත්මක
ප්‍රකාශයක් නිකුත් කර තිබේ.







