Home Local News Room : බෝම්බ, පතුරම් සමග හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට…

News Room : බෝම්බ, පතුරම් සමග හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට…

0
0

 

පිළියන්දල
ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ
අනවසරයෙන් ගිනි අවි සන්තකයේ
තබා ගැනීමේ චෝදනාව මත හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන
කත්‍රිආරච්චි මහතා අද
(16)
උදෑසන
අත්අඩංගුවට පත්විය
.

කොළඹ
අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්
කණ්ඩායමක් විසින් සිදුකළ
විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම
අත්අඩංගුවට ගැනීම සිදු කර
ඇත
.

එහිදී
අදාළ නිවස තුළ සඟවා තිබූ
T-56
ගිනිඅවි
සඳහා භාවිත කරන පතොරම් ගැබ්
(Magazines)
දෙකක්,
ජීව පතොරම්
221
ක්,
එක්
අත්බෝම්බයක් පොලිස් භාරයට
ගෙන තිබේ
.

සිද්ධිය
සම්බන්ධයෙන් කොළඹ අපරාධ
කොට්ඨාසය මගින් වැඩිදුර
විමර්ශන ක්‍රියාත්මකය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here