Home Local News Room : අපි නවත්තන්නෑ.. ඉරානයට, ලෙබනනයට දිගටම ගහනවා..- ඊශ‍්‍රායලය

News Room : අපි නවත්තන්නෑ.. ඉරානයට, ලෙබනනයට දිගටම ගහනවා..- ඊශ‍්‍රායලය

0
0


ඉරානය සහ
ලෙබනනය තුළ අඛණ්ඩව මෙහෙයුම්
දියත් කිරීම සඳහා වන නව යුද
සැලසුම්වලට ඊශ්‍රායල ආරක්ෂක
අංශ
(IDF)
ප්‍රධානී
ලුතිනන් ජෙනරාල් එයාල් සමීර්
අනුමැතිය ලබා දී තිබේ
.
හමුදාව
ඉතා ඉහළ සූදානමකින් පසුවන
බවත්
,
ගුවන්
හමුදා යානා ඉලක්ක වෙත ප්‍රහාර
එල්ල කිරීම සඳහා ඕනෑම මොහොතක
සන්නද්ධව පවතින බවත් ඔහු
අවධාරණය කළේය
.

දකුණු ලෙබනනයේ
සංචාරයක නිරත වෙමින් සමීර්
මහතා ප්‍රකාශ කළේ
, අමෙරිකානු
හමුදාව සමඟ එක්ව සිදු කළ
මෙහෙයුම් මගින් ඉරානයේ ආරක්ෂක
හැකියාවන් අඩපණ කර ඇති බවයි
.
දැන් අප
ඔවුන්ට න්‍යෂ්ටික ප්‍රශ්නය
හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය
වැනි කරුණුවලදී ජයග්‍රහණ ලබා
ගැනීමට ඉඩ නොතැබිය යුතුයි

යනුවෙන් ද
ඔහු වැඩිදුරටත් සඳහන් කළේය
.

මේ අතර,
ඉරාන වරායන්
ඉලක්ක කර ගනිමින් අමෙරිකාව
ක්‍රියාත්මක කළ නාවික අවහිර
කිරීම් හේතුවෙන් ඉරානය දෙසට
ගමන් කළ නෞකා නවයක් ආපසු හරවා
යවා ඇති බව අමෙරිකානු මධ්‍යම
විධානය පවසයි
. මෙම
මෙහෙයුමේ පළමු පැය
48 තුළ
කිසිදු යාත්‍රාවකට අමෙරිකානු
බලපෑම මැඩගෙන යාමට නොහැකි වී
තිබේ
.

පවතින යුද
වාතාවරණය හේතුවෙන් බලශක්ති
මිල ඉහළ යාම නිසා අප්‍රිකානු
රටවල් ඇතුළු රටවල්
12ක්
පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්
(IMF) නව
ණය ආධාර ඉල්ලා ඇති බව වාර්තා
වේ
. මැදපෙරදිග
ගැටුම් හේතුවෙන් ඩොලර් බිලියන
20ත්
40ත්
අතර අතිරේක මූල්‍ය අවශ්‍යතාවක්
පැන නැගිය හැකි බව
IMF
කළමනාකාර
අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා
ජෝර්ජියේවා මහත්මිය අනතුරු
ඇඟවූවාය
.

ඉරාන උත්තරීතර
නායක අයතුල්ලා අලි කමේනිගේ
ඝාතනයෙන් පසු ඉන්දීය පාලනයේ
පවතින කාශ්මීරයේ
(කුඩා
ඉරානය ලෙස හැඳින්වෙන
)
දැවැන්ත
විරෝධතා හටගෙන තිබේ
. එහි
වසන ෂියා මුස්ලිම් ජනතාව ඉරානය
වෙනුවෙන් අමෙරිකානු ඩොලර්
මිලියන
2කට
ආසන්න මුදලක් සහ රන් ආභරණ
පරිත්‍යාග කර ඇති බව ද මූලාශ්‍ර
සඳහන් කරයි
.

බ්‍රිතාන්‍ය
අගමැති කීර් ස්ටාමර් අවධාරණය
කළේ ඉරාන යුද්ධයට තම රට මැදිහත්
නොවන බවයි
. මේ
අතර
, අමෙරිකාව
සහ ඉරානය සාම සාකච්ඡා සඳහා
ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ
වී ඇති නමුත්
,
සඳහා නිශ්චිත දිනයක් හෝ ස්ථානයක්
මෙතෙක් තීරණය වී නොමැත
.

ලෙබනනය තුළ
සටන් විරාමයක් ඇති කිරීමට
ඉරානය සහ කලාපීය පාර්ශ්වයන්
දැඩි උත්සාහයක නිරත වන බව ද
වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here