Home Local News Room : නාය යාම් අනතුරු අගවයි..

News Room : නාය යාම් අනතුරු අගවයි..

0
0


දිවයිනේ
ප්‍රදේශ කිහිපයකට බලපා ඇති
අයහපත් කාලගුණික තත්ත්වය
හේතුවෙන් දිස්ත්‍රික්ක
කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ
පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්
නිකුත් කිරීමට ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය පියවර ගෙන ඇත
.
ජාතික
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය
(NBRO)
විසින්
නිකුත් කරන ලද දත්තවලට අනුව
,
මෙම
නිවේදනය අප්‍රේල්
13
පස්වරු
4.00
සිට
ඉදිරි පැය
24

කාලයක් සඳහා වලංගු වේ
.

අදාළ
නිවේදනයට අනුව නම් කර ඇති
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල
පිහිටි කඳු බෑවුම් සහ මිටියාවත්
ආශ්‍රිත ප්‍රදේශ
,
නිම්න
සහ නිර්මිත කණ්ඩි ආශ්‍රිත
ප්‍රදේශ
,
නායයෑමේ
අවදානම් සහිත ප්‍රදේශ හරහා
වැටී ඇති මාර්ග

ස්ථානවල වෙසෙන ජනතාව දැඩි
විමසිල්ලෙන් පසුවිය යුතු බව
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
අවධාරණය කරයි
.

ආපදා
තත්ත්වයකදී මහජනතාවට සහාය
වීම සඳහා ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම්
මැදිරිය සහ දිස්ත්‍රික්
සම්බන්ධීකරණ ඒකක පැය
24
පුරා
ක්‍රියාත්මක වේ
.

ඕනෑම
හදිසි අවශ්‍යතාවයකදී
117
යන
ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ
තොරතුරු ලබා ගැනීමට හෝ සහාය
ඉල්ලා සිටීමට මහජනතාවට අවස්ථාව
සලසා ඇත
.

පවතින
අවදානම් තත්ත්වය පිළිබඳව
නිරන්තරයෙන් මාධ්‍ය මගින්
නිකුත් කරන නිල නිවේදන කෙරෙහි
අවධානය යොමු කරන ලෙස ආපදා
කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත්
ඉල්ලා සිටියි
.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here