Home Local News Room : එමිරේටය ඉරානයෙන් වන්දි ඉල්ලයි..

News Room : එමිරේටය ඉරානයෙන් වන්දි ඉල්ලයි..

0
0

 

ඉරානය
විසින් එල්ල කරන ලද අඛණ්ඩ
ප්‍රහාර හේතුවෙන් සිදු වූ
දේපළ හා ජීවිත හානි සඳහා පූර්ණ
වන්දි ගෙවිය යුතු බවට එක්සත්
අරාබි එමීර් රාජ්‍යය ඉරානයට
දැඩි ලෙස බලකර සිටියි
.

අබුඩාබි
විදේශ කටයුතු අමාත්‍යාංශය
නිවේදනයක් නිකුත් කරමින්
අවධාරණය කරන්නේ පසුගිය දින
40ක කාලය
තුළ ගල්ෆ් කලාපයේ යටිතල පහසුකම්
,
බලශක්ති
මධ්‍යස්ථාන සහ සිවිල් වැසියන්
ඉලක්ක කර ගනිමින් එල්ල වූ
මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර
සම්බන්ධයෙන් ඉරානය වගකිව
යුතු බවයි
.

එක්සත්
අරාබි එමීර් රාජ්‍යයේ වාර්තාවලට
අනුව
, බැලස්ටික්
මිසයිල
, කෲස්
මිසයිල සහ ඩ්‍රෝන යානා
2,820කට
ආසන්න ප්‍රමාණයක් මෙම කාලය
තුළ කලාපයට එල්ල වී ඇත
.
මෙහිදී සිදු
වූ මිනිස් ජීවිත හානි සහ තුවාල
ලැබූවන් වෙනුවෙන් වන්දි ගෙවීම
,
විනාශ වූ
ගොඩනැගිලි සහ යටිතල පහසුකම්
යළි ගොඩනැගීම සඳහා පූර්ණ
පිරිවැය දැරීම
, ප්‍රහාර
හේතුවෙන් ඇති වූ ආර්ථික
අස්ථාවරත්වය පියවීම සඳහා
අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම
යන කරුණු ඉරානය විසින් කඩිනමින්
ඉටු කළ යුතු බව එමීර් රාජ්‍යය
අවධාරණය කරයි
.

කලාපීය
ආරක්ෂාව තහවුරු කිරීම සඳහා
වහාම ක්‍රියාත්මක වන පරිදි
සතුරු ක්‍රියා නතර කළ යුතු
බව පවසන අබුඩාබි පාලනය
,
හෝර්මුස්
සමුද්‍ර සන්ධිය කිසිදු පූර්ව
කොන්දේසියකින් තොරව විවෘත
කිරීමට සහතික විය යුතු බව ද
දන්වා සිටියි
.

ලෝක තෙල්
සැපයුමේ ප්‍රධාන මාර්ගය වන
මෙය
, ටෙහෙරාන්
පාලනය විසින් තවදුරටත් අවහිර
නොකළ යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here