Home Local News Room : අලුත් දොස්තරලාට පොලිස් ආරක්‍ෂාව දෙනවා.. GMOA සාකච්චා අත්හිටුවනවා..

News Room : අලුත් දොස්තරලාට පොලිස් ආරක්‍ෂාව දෙනවා.. GMOA සාකච්චා අත්හිටුවනවා..

0
0

 

රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය ඉතා අසාධාරණ සහ කිසිදු පදනමක් නොමැති එකක් බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනටමත් නව පත්වීම් ලැබූ වෛද්‍යවරුන් සිය සේවාස්ථාන වෙත වාර්තා කරමින් සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පොලිස් ආරක්ෂාව මෙන්ම මහජන ආරක්ෂාවද ලබාදෙන බැවින් කිසිදු බියකින් තොරව සේවයට වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. 

එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කළේය.

පසුගිය ඉරිදා පැවති සාකච්ඡාවලින් පසුව පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධ ගැටලු විසඳී අවසන් බව පැවසූ අමාත්‍යවරයා, දේශපාලන අරමුණු සහිත කුඩා කල්ලියක් විසින් මෙහෙයවන මෙම වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් වෛද්‍ය සංගම් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා පවා ලබා නොදෙන බවට අනතුරු ඇඟවීය.

“මේ විදිහට නම් හැසිරෙන්නේ ඒ සාකච්ඡාවෙන් වැඩක් නැහැ. අපි රජයක් හැටියට මේ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම්” යැයි පැවසූ අමාත්‍යවරයා, රජය පත්වීම් ලබාදීමේදී කිසියම් වරදක් කර ඇත්නම් කළ යුත්තේ වැඩවර්ජනය කර ජනතාව පීඩාවට පත් කිරීම නොව අධිකරණය හමුවට ගොස් සහනයක් ලබා ගැනීම බවද පෙන්වා දුන්නේය.

තමන්ගේ පටු වෘත්තීය අරමුණු වෙනුවෙන් මහජනතාව ගොදුරු කර නොගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා, රටේ සෞඛ්‍ය සේවාව නඟාසිටුවීම සඳහා දේශපාලන අරමුණු පසෙක ලා එක්වන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here