Home Local News Room : දිට්වා කුණාටුවෙන් ලොකු වාසියකුත් වෙයි..

News Room : දිට්වා කුණාටුවෙන් ලොකු වාසියකුත් වෙයි..

0
0

 දිට්වා
සුළි
කුණාටුවෙන් මෙරට ආර්ථිකයට
දැඩි බලපෑම් එල්ල වුවද
,
එමඟින්
ජනනය වූ අධික වර්ෂාපතනය හේතුවෙන්
මෙරට ප්‍රධාන ජලාශ සියල්ල
වාර්තාගත මට්ටමකට පිරී ගොස්
ඇති බව ඇඩ්වොකාටා ආයතනයේ
සභාපති මුර්ටාසා ජෙෆර්ජි
මහතා ප්‍රකාශ කරයි
.

සාමාන්‍යයෙන්
පවතින නියඟය හමුවේ වුවද
,
මෙවර
ජල විදුලි නිෂ්පාදනය බිඳවැටීමකින්
තොරව පවත්වාගෙන යාමට හැකි වී
ඇත්තේ මෙම ස්වභාවික තත්ත්වය
නිසා බව ඒ මහතා වැඩිදුරටත්
පෙන්වා දෙයි
.

මහවැලි
අධිකාරිය සහ ඇඩ්වොකාටා ආයතනය
එක්ව
2026
මාර්තු
මස
26
වන
දිනට ලබාගත් දත්ත මඟින් ද මෙම
තත්ත්වය තහවුරු වේ
.

එම
දත්තවලට අනුව රන්දෙණිගල
,
වික්ටෝරියා,
සමනලවැව,
මොරගහකන්ද
සහ මාවුස්සාකැලේ යන ජලාශවල
සැලකිය යුතු ජල මට්ටමක් තවමත්
පවතී
.
සෙසු
ජලාශවලට සාපේක්ෂව කොත්මලේ
ජලාශයේ පමණක් ජල මට්ටම යම්
පහළ අගයක් ගනී
.
පසුගිය
නොවැම්බර් මාසයේ ඇති වූ වර්ෂාව
හේතුවෙන්
,
ඉදිරි
වියළි කාලගුණය හමුවේ වුවද ජල
විදුලිය නිෂ්පාදනයට ප්‍රමාණවත්
ජල ධාරිතාවක් ජලාශවල ඉතිරිව
ඇත
.

මේ
අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ
අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු
කින් සිරි වැලිගෙපොල මහතා
සඳහන් කර ඇත්තේ
,
ලබන
මැයි මස මැද භාගය වන තෙක්
කෘෂිකාර්මික කටයුතු සහ විදුලි
උත්පාදනය වෙනුවෙන් බාධාවකින්
තොරව ජලය නිකුත් කිරීමට හැකියාව
පවතින බවයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here