Home Local News Room : බලශක්ති ඇමති දවස් පහක් නොරොච්චෝලෙ නැවතිලා කුමන්ත‍්‍රණයක..

News Room : බලශක්ති ඇමති දවස් පහක් නොරොච්චෝලෙ නැවතිලා කුමන්ත‍්‍රණයක..

1
0

 

වර්තමාන ආණ්ඩුවේ බහුතරයකගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති මහා පරිමාණ ගල් අඟුරු වංචාව වසා දැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට නොරොච්චෝලේ බලාගාරය තුළ කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

බලශක්ති අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, මාස තුනක් යනතෙක් නොරොච්චෝලේ බලාගාරයට යාමට අපොහොසත් වූ අමාත්‍යවරයා, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා දින සිට දින පහක් තිස්සේ එම බලාගාරයේම රැඳී සිටින බව අනාවරණය කළේය. 

එහි ලැගුම් ගෙන සිටිමින් එහි සිදුවූ දූෂණ සහ වංචා වසා දැමීමට අමාත්‍යවරයා ලොකු කුමන්ත්‍රණයක යෙදී සිටින බවට ද ඩී.වී. චානක මහතා චෝදනා කර සිටියි.

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී කාලයට ප්‍රාදේශීය සභා මට්ටමින් පාරේ තිබෙන විදුලි පහන් නිවා දැමීමට රජය කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

එමෙන්ම අවුරුදු උත්සව සහ සංගීත සංදර්ශන සඳහා විදුලි ජෙනරේටර් භාවිතා කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, එම ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට සිදුවන්නේ ද රජයටම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here