ජාතික
විදුලි උත්පාදනයට ප්රධාන
වශයෙන් ජලය සපයන කාසල්රි
ජලාශයේ ප්රධාන දුපතේ (04)
දින
පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.
කාසල්රි
ජලාශයේ සංචාරක හෝටලයට පහළින්
වූ රක්ෂිතයට කිසියම් පිරිසක්
විසින් ගිනි තබන්නට ඇති බවයි
එම ජලාශයේ ධීවරයන් කිය සිටින්නේ.
කාසල්රි
ජලාශයේ ජල මට්ටම සීඝ්ර යෙන්
පහළ බැසීම නිසා ගිනිගන්නා
දූපතට පහසුවෙන්ම ගමන් කල හැකි
නිසා එම දුපත නැරඹීමට ගිය
කිසියම් පිරිසක් විසින් ගිනි
තබන්නට ඇති බවයි එම ධීවරයින්
කියා සිටින්නේ.
එම
දූපත තුල කාසල්රි ජලාශ ජල පෝෂක
ප්රදේශයට ආවේණික වූ පක්ෂීන්
විශල පිරිසක් කූඩු බැද ඇති
බවත්,
පැතිර
යන ගින්න පාලනයට කිසිවෙක්
ඉදිරිපත් වී නැති බවයි කාසල්රි
ජලාශයේ ධීවරයින් කියා සිටින්නේ.
රංජිත්
රාජපක්ෂ







