Home Local News Room : රනිල්ගේ ලන්ඩන් නඩුව සොලිසිටර් ජනරාල් යටතට..

News Room : රනිල්ගේ ලන්ඩන් නඩුව සොලිසිටර් ජනරාල් යටතට..

1
0

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය වෙත ගිය සංචාරයකදී, රුපියල් මිලියන 16.6ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශනය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතට පත් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියා ද වන විරාජ් දයාරත්න මහතා මෙම විමර්ශන අධීක්ෂණය සඳහා පත් කරනු ලැබුවේ නීතිපති පරින්ද රණසිංහ මහතා විසිනි.

දැනට මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවීම අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් සිදු කරනු ලබයි.

මේ අතර, මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ සිදු කළ විමර්ශනවල උපුටා ගැනීම් මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here