Home Local News Room : වෙඩි තබයි.. අයෙක් මරුට…

News Room : වෙඩි තබයි.. අයෙක් මරුට…

0
0

 

2026.01.16 වන දින රාත්‍රී වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 03 ක ගැහැණු දරුවෙකු ප්‍රතිකාර සඳහා රිජ්ජේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 44 ක් වූ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

වෙරළබඩ පොලිස් ස්ථානය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here