Home Local News Room : විශාකා විදුහලට දරුවෙක් දාන්න ලක්‍ෂ තුනක් අල්ලස් ගනී..

News Room : විශාකා විදුහලට දරුවෙක් දාන්න ලක්‍ෂ තුනක් අල්ලස් ගනී..

3
0

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ වැඩිමහල් දියණිය කොළඹ විශාඛා විද්‍යාලයට 2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එයින් ලක්ෂයක මුදලක් අවස්ථා තුනක දී ලබාගෙන ඉතිරි රු.200,000 /- (රුපියල් ලක්ෂ දෙකක) මුදල ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු 2026.01.13 වන දින ප.ව. 7.45 ට පමණ තිඹිරිගස්යාය ඩී. එස්.ෆොන්සේකා පාරට හැරෙන හන්දිය අසල දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here