Home Local News Room : අගමැතිනිට හූ තියයි.. දැඩි පොලිස් ආරක්‍ෂාව මැද පිටව යයි…

News Room : අගමැතිනිට හූ තියයි.. දැඩි පොලිස් ආරක්‍ෂාව මැද පිටව යයි…

0
0

 

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත පිරිසක් විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියට හූ තබා සිය විරෝධය පළ කර තිබේ.

අද පෙරවරුවේ අමාත්‍යාංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එතැනින් පිටත්ව යන අවස්ථාවේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.

දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඇය පිටත්ව ගියද, විරෝධතාකරුවන් දිගින් දිගටම හූ හඬ නගමින් සිය විරෝධය පළ කරන අයුරු දැකගත හැකි විය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මෙම විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here