Home Local News Room : මාරක අනතුරක්.. හතර දෙනෙක් මරුට..

News Room : මාරක අනතුරක්.. හතර දෙනෙක් මරුට..

0
0

කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මුලතිව් මාර්ගයේ මුරුසුමොටේ ප්‍රදේශයේදී පරන්තන් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ මගී බස් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් කාර් රථයේ රියැදුරු හා එහි ගමන් කල පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු බරපතල තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී රියැදුරු හා පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 32, 34 හා 46 වයස්වල පසුවූ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තුවාලකරු කිළිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියැදුරු ද ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත.

මෘත ශරීර කිළිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිළිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here