Home Local News Room : බස් ඇතුලේ හෙණ ගහන සංගීත ඉවරයි.. නීතියෙන් තහනම් කරයි..

News Room : බස් ඇතුලේ හෙණ ගහන සංගීත ඉවරයි.. නීතියෙන් තහනම් කරයි..

0
0

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය දර්ශන වාදනය කිරීම හේතුවෙන් මගීන්ට එල්ල වන පීඩාව වැළැක්වීම සඳහා නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ මේ සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මීට පෙර බස් රථ තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මගින් සිදුවන ශබ්ද දූෂණය පාලනය කිරීමට ප්‍රමාණවත් රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක නොව බවය.

අලුතින් සම්පාදනය කෙරෙන රෙගුලාසි සම්මත වූ වහාම, නියමිත ප්‍රමිතිය ඉක්මවා ශබ්දය නිකුත් කරන වාහනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති බවත් හෙතෙම කියයි.

මෙම පියවර මගින් මගී ජනතාවට වඩාත් සහනදායී සහ සුවපහසු ගමන් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here