Home Local News Room : මොඩියුලයේ අසභ්‍ය සබැදියට NIE ප‍්‍රධානී බෙල්ල දෙයි.. අගමැතිනිගේ කීමට...

News Room : මොඩියුලයේ අසභ්‍ය සබැදියට NIE ප‍්‍රධානී බෙල්ල දෙයි.. අගමැතිනිගේ කීමට ඉල්ලා අස්වෙයි..

1
0

 

ජාතික අධ්‍යාපන ආයතනයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 

හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක අන්තර්ගත වූ අසම්මත වෙබ් අඩවි සබැඳියක් සම්බන්ධයෙන් පැන නැගුණු දැඩි සමාජ විවේචන මෙම තීරණයට හේතු වී තිබේ.

මෙම සිදුවීමට අදාළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යවරිය විසින් ලබාදුන් උපදෙස් මත ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව වාර්තා වේ.

සමරිසි අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක තොරතුරු පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේදී සිදුව ඇති අත්වැරදීම් සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. 

එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මහාචාර්යවරිය මෙලෙස සිය ධුරයෙන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here