Home Local News Room : පොලිස් නිලධාරියෙකු වාහනයට යටකර ඝාතනය කරයි..

News Room : පොලිස් නිලධාරියෙකු වාහනයට යටකර ඝාතනය කරයි..

0
0

 

2026.01.01 වන අද දින අලුයම් කාලයේ අම්බලන්තොට පොලිස් වසමේ අම්බලන්තොට ගිරිහඩු විහාරස්ථානය අසන්නයේ රාත්‍රී මුර සංචාර රාජකාරි යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය වූ කාර් රථයක් නැවැත්වීමට සංඥා කිරීමේදී කාර් රථය නිළධාරින් හප්පා පලාගොස් ඇත.

අනතුරින් පොලිස් කොස්තාපල් වරයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පොලිස් කොස්තාපල් වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ සුරියවැව ප්‍රදේශයේ පදිංචි අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් කොස්තාපල් වරයෙකි.

අනතුර සිදුකල කාර්‌ රථය හා එහි ගමන්ගත් පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාර් රථයේ රියදුරු පලාගොස් ඇත. අම්බලන්තොට පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here