Home Local News Room : නයිමිරිස් දෙදාහයි.. තක්කාලි අටසීයයි..

News Room : නයිමිරිස් දෙදාහයි.. තක්කාලි අටසීයයි..

0
0

දිට්වා
සුලි කුණාටුවෙන් පසු එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසා ඇතැම් පහත රට එළවලු
මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, (28) දිනයේ දේශීය වෙළදපොලේ අමු මිරිස් සහ නයි
මිරිස් කිලෝවක් රු.2000ක සිල්ලර මිලකට අලෙවි වන බවත්, මෙයට සමගාමිව මාලු මිරිස්
කිලෝවක් රු.1300කට අලෙවි වන බවයි හැටන් ප්‍රදේශයේ වෙළෙදුන් කියා සිටින්නේ.

බෝංචි
කිලෝවක් රු.800, බටු කිලෝවක් රු.700 ඇතුලු පහත රට සෑම එළවලු වර්ගයක්ම රු.600-800ත්
අතර මිලකට අලෙවි කරන අතර, තක්කාලි කිලෝවක් රු.800කට අලෙවි කරනු ලබයි.

මේ
අතර, නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය මගින් (28) දිනයේ මේ අනුව ගෝවා කිලෝවක් -රු.210,
කැරට් -රු.200, ලීක්ස් -රු.240, රාබු -රු.150, බීට්රුට් -රු.180, බීට්රූට්/කට්
-රු.500, අර්තාපල් -රු.270, රතු අර්තාපල් -රු.2
80, නෝකොල් -රු.250, සලාද
-රු.550 වැනි තොග මිලකට ගොවීන්ගෙන් මිලදි ගනු ලබයි.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here