රටේ පවතින ආපදා තත්ත්වයන් කළමනාකරණය කරගැනීම සඳහා රජය ඉල්ලා සිටින්නේ නම්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය අද (17) ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා හෝ එක්සත් ජාතික පක්ෂයේ වෙනත් කිසිදු සාමාජිකයෙකු වත්මන් රජයේ තනතුරු භාර ගැනීමට අපේක්ෂා නොකරන බව ද ඇය අවධාරණය කළාය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරිය වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවාය.
“හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු පුළුල් දැනුමක් හා මනා පළපුරුද්දක් සහිත නායකයෙක්. ආපදා කළමනාකරණය කිරීමේදී රජයට සහාය වීමට එතුමා තුළ කැමැත්තක් තිබෙනවා. එමෙන්ම අපේ නායකයාගෙන් ලද ශික්ෂණය හා අත්දැකීම් ඇසුරින් රජයට අවශ්‍ය සහාය ලබා දීමට අපට ද හැකියාව තිබෙනවා”









