Home Local News Room : කොටස් වෙලදපලේ හොර වෙලෙන්දෙක්…

News Room : කොටස් වෙලදපලේ හොර වෙලෙන්දෙක්…

3
0

 

“Gladius South Asia” ආයතනයට, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත කොටස් වෙළෙඳපොළ සහභාගිවන්නෙකු ලෙස ක්‍රියාත්මක වීමට, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් කිසිදු බලපත්‍රයක් ලබා දී නොමැති බව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. 

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින්, විදේශීය රටවල ක්‍රියාත්මක වන ආයතන නියාමනය නොකරන අතර එවැනි ආයතනවලට එම රටවල ක්‍රියා කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමද සිදු නොකරයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ලැබී ඇති තොරතුරු අනුව, “Gladius South Asia” ආයතනය එක්සත් රාජධානියේ මූල්‍ය මෙහෙයුම් අධිකාරිය (FCA) විසින් තමන්ට බලපත්‍ර ලබා දී ඇති බවට, සමහර අවස්ථාවලදී ආයෝජකයින්ට දැනුම් දෙන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි අවධානයට ලක්ව ඇත. 

කෙසේ වෙතත්, “Gladius South Asia” ආයතනය එක්සත් රාජධානියේ මූල්‍ය මෙහෙයුම් අධිකාරිය සමඟ ලියාපදිංචි ආයතනයක් නොවන බව, එම මූල්‍ය මෙහෙයුම් අධිකාරිය විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත නිල වශයෙන් තහවුරු කර ඇත.

එක්සත් රාජධානිය තුළ සිදුකෙරෙන සියලුම මූල්‍ය සේවා කටයුතු සඳහා මූල්‍ය මෙහෙයුම් අධිකාරිය (FCA) විසින් අවසර දී හෝ ලියාපදිංචි වී තිබිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here