Home Local News Room : නායයාමක් සක‍්‍රිය වේ.. ජනතාව ඉවත් කරයි..

News Room : නායයාමක් සක‍්‍රිය වේ.. ජනතාව ඉවත් කරයි..

3
0

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් හාල්දුම්මුල්ල, බත්ගොඩ, වේවැල්වේ ගොල්ල මාර්ගය ආසන්නයේ සක්‍රීය වී ඇති නායයෑමක් පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.

හාල්දුම්මුල්ල, බත්ගොඩ, වේවැල්වේ ගොල්ල මාර්ගය ආසන්න ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සිදුව ඇති විශාල ඉරිතැලීම්, රොන්මඩ ගැලීම් හේතුවෙන් මෙම නායයෑම සක්‍රීය වී ඇති බවට සැක කෙරේ.

මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර නිශ්චිත වාර්තාවක් ලබා ගැනීමට NBRO විසින් අපේක්ෂා කෙරේ.

මෙම නායයෑම සක්‍රීය වුවහොත්, එමඟින් බදුල්ල ප්‍රධාන මාර්ගය, අවට පිහිටි නිවාස සහ දේපළ වලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතී.

අදාළ ප්‍රදේශයේ නායයෑමේ ලක්ෂණ පහළ වීම හේතුවෙන්, ආරක්‍ෂක පියවරක් ලෙස ප්‍රදේශවාසී පවුල් කිහිපයක් පසුගිය දිනවල එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

ඔවුන් දැනට හාල්දුම්මුල්ල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here