Home Local News Room : පාරවල් ඇරියත් අතරමග නවතින්න බෑ…

News Room : පාරවල් ඇරියත් අතරමග නවතින්න බෑ…

0
0

 

පස්
කදු කඩා වැටීමෙන් අවහිර වී තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්
කදු ඉවත් කිරිමෙන් පසු රථ වාහන ධාවනයට එක් මන්තීරුවක් විවෘත කර ඇති පස් කදු ඇති
ස්ථානවල රථවාහන ධාවනය කිරිමෙදි වාහන නතර නොකරන ලෙසටත් එම ස්ථානවල පස් කදු යලිත්
කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් එම ස්ථානවල පයින් හෝ ගමන් නොකරන ලෙස හැටන්
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන්
කොළඹ ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය සහ නාවලපිටිය දක්වා රථවාහන ධාවනයට මාර්ගය විවෘත කර
ඇති අතර, නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල් බෝක්කුව ප්‍රදේශයේ කැඩි ගිය මාර්ගය
පිලිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබයි.

ගම්පොළ
නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ මාර්ගයේ විශාල
කොටසක් නාය ගොස් ඇති නිසා එම මාර්ගයේද රථ වාහන ධාවනය සිදු කල නොහැති බවත්, කොත්මලේ
සහ වළපනේ යන ප්‍රදේශවලට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති නිසා එම මාර්ග
ප්‍රතිසංස්කරණය කරන තෙක් රථවාහන ගමනා ගමනය ඇනහිට ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්
ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here