Home Local News Room : පණ බේරාගන්න නම් වහා ඉවත් වන්නැයි කොලඹ ජනතාවට තද...

News Room : පණ බේරාගන්න නම් වහා ඉවත් වන්නැයි කොලඹ ජනතාවට තද රතු නිවේදනයක්…

1
0

කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. 

එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිට කරනු ලබන ජල ප්‍රමාණ සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපක වල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. 

මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔබට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. 

මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කොට සලකා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here