Home Local News Room : ආපදාවෙන් දැනට මරණ 56ක්…

News Room : ආපදාවෙන් දැනට මරණ 56ක්…

0
0

 

රට පුරා ආපදා තත්වය මත සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 56 දෙනෙකු මිය ගොස්, 21 දෙනෙකු අතුරුදන් වී, තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පවුල් 12,313 කට අයත් පුද්ගලයන් 43,991 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම කුණාටු තත්ත්වය දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අතර, එමගින් නිවාසවලට ද විශාල හානියක් සිදු වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here