Home Local News Room : අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..-...

News Room : අල, බී ළුණු, වට්ටක්කා ගොවීන් 21 වැනිදා නුගේගොඩ එන්න..- නාමල්

0
0

‘ආණ්ඩුව ජනතාවට මැතිවරණයේදී පොරොන්දු වූ කිසිම පොරොන්දුවක් ඉටුකලේ නැහැ,අපි ආණ්ඩුවට එරෙහි සියලු පාර්ශවයන්ට 21 වන දිනට නුගේගොඩට පැමිණ ආණ්ඩුවට තම විරෝධය පල කරන ලෙස ඉල්ලා සිටිනවා,ආණ්ඩුව හිතාගෙන ඇති ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂ වල මතය මර්දනය  කරල තමන්ගේ මතය පමණක් ජනගත කරන්න’ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ  මෙසේ පැවසීය.

“අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකරල නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූණූ ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එළිපිටම ආණ්ඩුවට දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැල.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා ,මේ රටේ ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්න බැරිවී තිබෙනවා.. අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ..ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන 21 වන දින අපිත් සමග නුගේගොඩදී එක්වී ආණ්ඩුවට විරෝධය පල කරන ලෙසයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here