මෙරට පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් ලුණු ආනයනය කර ගබඩා කරගෙන සිටීමට ව්‍යාපාරිකයකු කටයුතු කරගෙන සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කරයි.
තම ප්‍රදේශයේම ලුණු ව්‍යාපාරිකයෙක් රුපියල් 75කට ආනයනය කරන ලුණු රුපියල් 275 ක මුදලකට අලෙවි කරන ලද බවද ඔහු පැවසුවේය.
එම ව්‍යාපාරිකයා ආණ්ඩුවට උදව් කරපු අයෙක් බවත් තමන් ඔහුගේ නම නොකියන ලෙස එම ව්‍යාපාරිකයා තමන්ගෙන් ඉල්ලීමක් නිසා බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.









