Home Local News Room : දැව ලොරියක් පල්ලමකට පෙරලේ…

News Room : දැව ලොරියක් පල්ලමකට පෙරලේ…

3
0

 

ෆයිනස්
ගස් ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන  ප්‍රපාතයෙන් වූ
තේ වත්තට පෙරලී (11) දින අනතුරට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

බලංගොඩ
මාරතැන්න ප්‍රදේශයේ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්‍රවාහනය කරන ලද
ලොරි රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.

බලංගොඩ
බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයෙ මාර්ගයක පටු ස්ථානයකදී ධාවනය
වූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවත්,
ලොරි රථය මාර්ගයේ ඉවතට පනින අවස්ථාවේ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලොරි රථයෙන්
ඉවතට පැන දිවි ගලවා ගෙන ඇති බවයි අනතුර පිලිබද පරික්ෂන පවත්වන බගවන්තලාව පොලිසියේ
නිළධාරියෙකු කියා සිටියේ.

අනතුරින්
ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here