අනුරාධපුර තලාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරින් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
නොචියාගම දක්වා තලාව සිට ධාවනය වූ මෙම බස් රථය පල්ලමකට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
එම අවස්ථාවේ බස් රථයේ හැට දෙනෙකු පමණ ගමන් ගෙන ඇති අතර ඉන් පනස් දෙනෙකු පමණම තුවාල ලබා තිබේ.
තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ද වන බව පොලිසිය කියයි.









