Home Local News Room : අද ඉදිරිපත් කරන්නේ ලක් ඉතිහාසයේ හොදම අයවැයයි…

News Room : අද ඉදිරිපත් කරන්නේ ලක් ඉතිහාසයේ හොදම අයවැයයි…

0
0

ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

“අයවැය දැන්ම කියන්නෙ නෑ. අයවැය රහස් කියන්නෙ මුදල් ඇමතිතුමා. ඒ හින්දා ජනාධිපතිතුමා ලහිලහියේ සූදානම් වෙලා තියෙන්නෙ. වෙනදා වගේ නෙවෙයි, ජනතාවාදී අයවැයක් කරන්න බිම්මට්ටමේ යෝජනා කල් ඇතිව ගත්තා. ඒ යෝජනා ඔක්කොම අරගෙන ගිය අවුරුද්දට වඩා සරුසාර අයවැයක් 2026ට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. 

2025 මේ ගතවෙන අවුරුද්දෙත් අපි සුවිශාල වැඩ කොටසක් කළා. එයිට වඩා පිම්මක් අනිවාර්යයෙන්ම අපි 2026 පනිනවා. මේ අයවැය අපි සූදානම් කරලා තියෙන්නෙ, බිම්මට්ටමේ ජනතාවට සහන සලසන්න ඕනෙ, ගම්බිම්වල පාරවල් ටික හදන්න ඕනෙ, නිවාස හදලා දෙන්න ඕනෙ. ඒ වගේම ස්වයං රැකියා ආධාර, කර්මාන්තවලට විශාල අනුග්‍රහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. 

ඒ වගේම සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අපි අතහිත දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි රජය හැටියට තීන්දුවක් අරන් තියෙනවා අනිවාර්යයෙන්ම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකරන්න ඕනෙ. කොහොමටත් ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය අහගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.”

සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ ඊයේ (06) පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here