වටවල
ආග්රාඔය මාර්ගය කාපට් අතුරා ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු ජාතික ජන බලවේගයේ
නුවරඑලිය දිස්ත්රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති
මංජුල සුරවීර ආරච්චි මහතා විසින් ආරම්භ කෙරිණ.
එම
මාර්ගයේ කිලෝමීටර් 2.6ක් කාපට් අතුරා ප්රතිසංසිකරණය කිරිමට මාර්ග සංවර්ධන
ආධිකාරිය විසින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට රු.මිලියන 36.5ක මුදලක් වෙන් කර
ඇත.
ගමට
අරුණලු වැඩසටහන යටතේ එම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්රතිසංස්කරණය
කරන කටයුතු සිදු කරනු ලබයි.
රංජිත් රාජපක්ෂ









