විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න විදුලි පාරිභෝගිකයන් විදුලි බිල නොගෙවා සිටියේ නැහැ. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජනතාව ණයට ඉන්ධන ලබාගෙනත් නැහැ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවැසීය.
‘‘පසුගිය වසරේ ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය ආණ්ඩුවේ පාලනය යටතේ මාස 6ක් ඇතුළත රුපියල් කෝටි 1300ක පාඩු ලබා තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ වසරේදී පාඩු ලබා තිබෙනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න රටේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල නොගෙවා සිටියෙත් නැහැ. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජනතාව ණයට ඉන්ධන ලබාගෙනත් නැහැ. නමුත් විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගම පසුගිය වසරේදී රුපියල් බිලියන 3.5ක් ලාභ ලැබුවත් මේ වසරේදී රුපියල් බිලියන 7.5ක් අලාභයක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගම ගොඩගැනීමට වර්තමාන රජය විසින් රුපියල් බිලියන 20ක් ලබා දී තිබෙනවා. රටේ ජනතාව පීඩාවට පත් කර අය කර ගන්නා බදු මුදල්වලින් තමයි ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට බිලියන 20ක් ලබා දී තිබෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ තමයි ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ. ඒ වගේම පැල්වත්ත සීනි කර්මාන්තශාලාවත් දැවැන්ත පාඩුවක් ලබා ඇති බව වාර්තා වෙනවා. 2024 අවසාන කාර්තුවේ සිට 2025 ජුනි දක්වා රජයේ ණය බරතාව රුපියල් බිලියන 896 කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ, ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය ප්‍රමාණය ජුනි මස අවසානය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගිහින්. නමුත් ණය ලබා ගෙන ආණ්ඩුවක් කරන්න රජයක් අවශ්‍ය නැති බව අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා.”
රක්ෂණ ශ්‍රියන්ත









