Home Local News Room : ‘රටම එකට’ පොලිස්පති ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි…

News Room : ‘රටම එකට’ පොලිස්පති ත‍්‍රිවිල්වල ස්ටිකර් අලවයි…

0
0

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ශ්‍රී ලංකා සමාජය මුදවා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත “රටම එකට” ජාතික මෙහෙයුම දියත් කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 වන දින පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැලැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම, බහුවිධ ප්‍රවේශයන් මගින් රට තුල ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම මෙම ජාතික මෙහෙයුමේ ප්‍රමුඛතම අරමුණ වී ඇත.

මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවයට සමගාමීව මහජනතාව දැනුවත් කිරීම සඳහා 2025.10.30 වන දින බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පොලිසිය විසින් ත්‍රීරෝද රථවල ස්ටිකර් ඇලවීමක් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here