Home Local News Room : අධිවේගී මාර්ගවල ආරක්‍ෂාව ‘රක්නා ලංකා’ සමාගමට..

News Room : අධිවේගී මාර්ගවල ආරක්‍ෂාව ‘රක්නා ලංකා’ සමාගමට..

0
0

ශ්‍රී ලංකාවේ
අධිවේගී මාර්ග ජාලයේ ආරක්ෂණ මෙහෙයුම් භාරදීම සඳහා
, ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට “රක්නා
ආරක්ෂක ලංකා සමාගම” කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙම කටයුත්ත
පැවරීමට ඇති ඉඩකඩ සහ සුදුසුකම් සොයා බැලීම පිණිස
, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් පසුගිය
දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. රටේ අධිවේගී මාර්ග පද්ධතියේ සමස්ත ආරක්ෂක
තත්ත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්
, වත්මන් ආරක්ෂක යාන්ත්‍රණය ඇගයීම මෙන්ම,
රක්නා” සමාගමේ
මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුම ඒ සඳහා යොදාගත හැකි ආකාරය තක්සේරු කිරීම එම
සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.

වාර්තා වන
ආකාරයට
, මෙම සාකච්ඡාව
මෙහෙයවා ඇත්තේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා
සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසිනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here