Home World News Room : සති 4ක් ඇතුළත හොංකොං රාජ්‍යයෙන් මරණ 30ක්

News Room : සති 4ක් ඇතුළත හොංකොං රාජ්‍යයෙන් මරණ 30ක්

0
0

පසුගිය සති 4ක පමණ කාලයක සිට සිංගප්පූරුව හා හොංකොං රාජ්‍යයේ නව කොවිඩ් වසංගත රැල්ලක් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වයිරසය හේතුවෙන් පසුගිය සති 4ක කාලය ඇතුළත හොංකොං රාජ්‍යයේ මරණ 30ක් වාර්තා වී ඇතැයි ද, වැඩිහිටියන් 81 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත් සේවය වාර්තා කළේය. වයිරසයේ ක්‍රියාකාරීත්වය තරමක් ඉහළ මට්ටමක පවතින බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍යාරක්ෂක මධ්‍යස්ථානයේ ප්‍රජා රෝග සම්බන්ධ ප්‍රධානි ඇල්බර් ඕ ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මේ අතර සිංගප්පූරුවෙන් ද වසරකට පසු පළමුවරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28% කින් ඉහළ ගොස් ඇති බවත්, සතියක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් 14,200ක් වාර්තා වී ඇති බවට තක්සේරු කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත වන ප්‍රතිශතය ද 30% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද නව කොවිඩ් වයිරසය වඩාත් දරුණු නොවන බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ අතර තායිලන්තයේ කොවිඩ් තොරතුරු මධ්‍යස්ථානයට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි මස 14 වැනි දින දක්වා කාලය ඇතුළත එරට කොවිඩ් ආසාදිත මරණ 19ක් සිදුවී ඇති අතර, රෝගීන් 71,067 දෙනකු වාර්තා වී තිබේ. මේ වනවිට තායිලන්තයෙන් නව කොවිඩ් පොකුරු දෙකක අවදානම හඳුනා ගෙන ඇතැයි ද, ඒ අනුව රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයිද තොරතුරු පළ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here