Home Sport News Room : රටපුරා කණ්ඩායම් 100ක් තරග වදින බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී...

News Room : රටපුරා කණ්ඩායම් 100ක් තරග වදින බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් සූදානම්

0
0

බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් නිල ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ රනිල් චන්ද්‍ර‍ෙස්කර (අධ්‍යක්ෂ – අනුග්‍රාහක කමිටු), දමිත සිල්වා (රාජකීය විද්‍යාල හොකී සමාජයේ ලේකම්), එල්.ඩබ්ලිව්.කේ. සිල්වා (රාජකීය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති), පී.ඒ.ඩී.පී. නිශාන්ත (නියෝජ්‍ය විදුහල්පති), ජයන්ත සේනානායක – භාණ්ඩාගාරික), පුන්සර අරවින්ද -තරගාවලි කමිටු සභාපති)

 

ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් පාසල් හොකී තරගාවලියේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ රාජකීය විද්‍යාල හොකී සමාජය 20 වැනි බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් තරගාවලියේ නිල ලාංඡනය එළිදක්වයි. කොළඹ තරු පහේ හෝටලයකදී එළිදැක්වූ ලාංඡනය මඟින් උරුමය, එකමුතුකම සහ හොකී ක්‍රීඩාවේ අනාගතය සංකේතවත් කරයි.

බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් හොකී සෙවන්ස් තරගාවලිය ලබන අගෝස්තු මස 7, 8, 9 සහ 10 යන දිනවල රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, කුසලාන, පලඟ සහ බඳුන කාණ්ඩ යටතේ පිරිමි සහ ගැහැනු කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් තරග වදිනු ඇත.

මේ ලාංඡනය දශක තුනක විශිෂ්ටත්වයට සහ ඔරොත්තු දීමේ හැකියාවට උපහාරයක් බව රාජකීය විද්‍යාල හොකී සමාජයේ ලේකම් දමිත සිල්වා මහතා පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here