Home Sport News Room : යුද ගැටුම්වලට බිය නොවී සිංහයෝ 5ක් පාකිස්තානයට

News Room : යුද ගැටුම්වලට බිය නොවී සිංහයෝ 5ක් පාකිස්තානයට

0
0

යුද ගැටුම් පිළිබඳ කිසිදු චකිතයකින් තොරව පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ආදේශක ක්‍රීඩකයන් ලෙස අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා හා ඩිල්ෂාන් මධුශංක යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 5ක් අලුතින් ගිවිසුම් අත්සන් කර තිබේ.

ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් එක්කරගෙන ඇති අතර, ලාහෝර් ක්ලන්ඩර්ස් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රහාරක පිතිකරු ලෙස කුසල් පෙරේරා හා මැද පෙළ ශක්තිමත් කිරීමට භානුක රාජපක්ෂ කණ්ඩායමට එක්කරගෙන තිබේ.

මේ අතර, මුල්ටාන් සුල්තාන්ස් කණ්ඩායම ඔවුන්ගේ පන්දු යැවීමේ බළඇණිය ශක්තිමත් කිරීම සඳහා වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංක තෝරාගෙන තිබේ. ඉන්දියාව සහ අසල්වැසි පාකිස්තානය අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් කල් දැමූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ වූ අතර ඊයේ පැවති මුල්තාන් සුල්තාන්ස් හා ක්වෙටා ග්ලැඩියේටර්ස් අතර තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්ව සිටියහ.

ඊයේ පැවති මුල්ටාන් සුල්තාන්ස් හා ක්වෙටා ග්ලැඩියේටර්ස් අතර තරගයේදී මුල්ටාන් කණ්ඩායම වෙනු‍වෙන් ඩිල්ෂාන් මධුශංක පිටියට පිවිසි අතර, ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දු සහ කඩුලු රකින්නා ලෙස දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළහ. එහිදී චන්දිමාල් ලකුණු 17ක් ලබාගත් අතර, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 7කට දැවී ගියේය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here