27
රාජකීය-ඉසිපතන තරගයෙන් / ඡායාරූපය-දුෂ්මන්ත මායාදුන්නේ
අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත්රිත්ව සහ ඉසිපතන විදුහල් සමත් විය.
සුගතදාස ක්රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ රාජකීය විදුහල් පිලට එරෙහිව ලකුණු 24-17ක ජයක් වාර්තා කරමින් වත්මන් ශූර ඉසිපතන විදුහල් පිල 27 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, පසුගියදා කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේදි ලකුණු 29-12කින් සහිරා විදුහල පරාජය කරමින් ත්රිත්ව විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. දෙපිල අතර අවසන් මහා තරගය ලබන 18 වැනිදා සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ඊයේ තරගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 21-5කින් පෙරමුණ ගත් ඉසිපතන විදුහල් පිල තරගය පුරා ගෝල් 3ක් සහ දඬුවම් පහරක් වාර්තා කළ අතර, රාජකීය විදුහල් පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 2ක් පමණි. සහිරා විදුහල් පිල සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූ අතර, දෙවැනි භාගයේදී වඩාත් ආක්රමණශීලි තරග රටාවක නිරත වූ ත්රිත්ව ක්රීඩකයන් ජයග්රහණය අත්කර ගත්තේ ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමඟිනි. සහිරා විදුහල් පිල ගෝලයක් සහ උත්සාහක දිනුමක් රැස් කළේය.
ෆවුස් මොහොමඩ්