Home World News Room : අගමැති මෝදි ආරක්ෂක ප්‍රධානින් කැඳවයි

News Room : අගමැති මෝදි ආරක්ෂක ප්‍රධානින් කැඳවයි

0
0

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද තත්ත්වයක අවදානම මධ්‍යයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලි නුවර පිහිටි සිය නිල නිවෙසේදි ඉහළ මට්ටමේ ආරක්ෂක රැස්වීමක් කැඳවූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් ඇතුළු යුද, නාවික හා ගුවන් ආරක්ෂක අංශ ප්‍රධානින් එම රැස්වීමට සහභාගි වූ බවත් වාර්තා වේ. කාශ්මීරයේ පැහැල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා අගමැතිවරයා සිය හමුදාවට පූර්ණ අවසර ලබා දුන් බවත්, ඒ අනුව ත්‍රස්ත මෙහෙයුම් සිදු කිරීම, ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඇතුළු සියලු ආරක්ෂක පියවර ගැනීම ආරක්ෂක අංශවලට භාර කළ බව ද වාර්තා වේ.

පාකිස්තානය වෙතින් එල්ල වන ඕනෑම ආකාරයක තර්ජනයකට ඉන්දියාව සූදානමින් පසුවන අතර, ඉන්දීය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස මෙහිදි අගමැතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here