10
ඉරානයේ දකුණු දිගින් පිහිටි බන්දාර් අබ්බාස් පළාතේ විශාලතම වාණිජ වරායක් වන ශාහිඩ් රජායි වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද, තවත් පුද්ගලයන් 800 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා උදෑසන මේ පිපිරීම සිදුවී ඇති අතර, පිපිරීමෙන් පසු තවත් පුද්ගලයන් 6 දෙනකු අතුරුදන්වී ඇතැයි ද වාර්තා වේ. පිපිරීමත් සමඟ ඒ අවට පිහිටි ගොඩනැඟිලි, නිවාස හා මෝටර් රථ ගණනාවක් ගිනි ගෙන විනාශ වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පිපිරීමේ කම්පනය කිලෝමීටර් 50ක පමණ දුරකට විහිදී ගොස් ඇති අතර, ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පසුව ප්‍රකාශ කර ඇත්තේ වරායේ බැලැස්ටික් මිසයිල සඳහා භාවිත කරන ඝන ඉන්ධන අඩංගු බහාලුම් පිපිරීමට ලක්වූ බවට අනුමාන කර ඇති බවය. ඉරානයේ ජාතික ආපදා කළමනාකරණ ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව ගබඩා කිරීම සම්බන්ධව සිය නිලධාරීන් මීට පෙර එම වාරයේ බලධාරීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවය.