6
චීනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 45ක් සිය ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට තායිවානය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරක ගුවන්යානා 45ක් සහ යුද නැව් 14ක් සිය මුහුදු සීමාවේදී නිරීක්ෂණය වූ බවට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වැනිදායින් පසු මේ දක්වා තායිවාන ගුවන් සහ මුහුදු සීමාව උල්ලංඝනය කළ විශාලතම චීන හමුදා ගුවන් යානා සහ යුද නෞකා ප්‍රමාණය මෙය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තායිවාන මුහුදු සීමාවට චීන ගුවන්යානා සහ නෞකා අනවසරයෙන් ඇතුළුවීම දැඩි ලෙස හෙළා දකින බවට තායිවාන ජනාධිපති කාර්යාල නිවේදනයක් ද නිකුත් කර ඇති බවත්, චීන ක්‍රියාකාරකම් සම්බන්ධව අවධානය යොමු කරන ලෙස එම නිවේදනය මඟින් තායිවානය ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලැබුවද තායිවානය ස්වයං පාලන රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටී.









