Home World News Room : යුරෝපය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

News Room : යුරෝපය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

1
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීරුබදු ඉහළ නැංවීමේ අභියෝගයට මුහුණු දෙමින් සිටින යුරෝපා සංගමය ඊට විසඳුමක් ලෙස ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ සභාපතිතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් එම නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද, ලබන වසර ආරම්භයට පෙර එම ගිවිසුම අත්සන් කිරීමේ එකඟතාවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. උර්සුලා සහ මෝදි අතර එම නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ කොන්දේසි සහ කරුණු සම්බන්ධව එකඟතාවට පැමිණි බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වෙළෙඳාම, තාක්ෂණය, ආයෝජන සහ ආරක්ෂක සහයෝගිතාව වැනි ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් යුරෝපා සංගම් නියෝජිතයන් සමඟ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා සහ රැස්වීම් 20ක් පමණ පැවැත්වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here