Home World News Room : ධවල මන්දිරයෙන් දොට්ට දැමූ යුක්රේන ජනපතිට

News Room : ධවල මන්දිරයෙන් දොට්ට දැමූ යුක්රේන ජනපතිට

0
0

ඩොලර් බිලියන ගණනාවක ඓතිහාසික ඛනිජ තෙල් ගිවිසුමකට අත්සන් කිරීමට වොෂින්ටන් නුවරට ගොස් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ වාග් සංග්‍රමයක පැටලීම හේතුවෙන් හිස් අතින් ධවල මන්දිරයෙන් ඉවත්වීමට සිදුවූ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිට එංගලන්තයේ ලන්ඩන් නුවරදී රාජකීය ගෞරව සහිත පිළිගැනීමක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ සිට එංගලන්තය බලා පිටත්ව ගිය සෙලෙන්සි ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ දී බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීමර් ස්ටාර්මර් විසින් උණුසුම් අයුරින් පිළිගත් බවත්, රුසියාවට එරෙහි යුද අරගලයට සහාය පළකරමින් ඩොලර් බිලියන 2.26ක ණය පහසුකම් ලබාදීමට ද එකඟතාව පළ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යුක්රේන ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරය යෙදී ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සත්කාරකත්වයෙන් ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ යුරෝපීය සහ කැනේඩියානු රටවල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට බවත්, එම සමුළුවට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here