Home World News Room : යුක්රේන ජනපති හමුවීමට පුටින්ගේ කැමැත්ත

News Room : යුක්රේන ජනපති හමුවීමට පුටින්ගේ කැමැත්ත

0
0

යුක්රේන යුද අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ අවශ්‍යතාව මත එරට ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් එකඟතාව පළ කළ බව රුසියාවේ ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිවේදනය නිකුත් වූයේ රුසියානු සහ අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඊයේ සවුදි අරාබියේ රියාද් නුවරදී යුක්රේන යුද අර්බුදය සම්බන්ධව සාකච්ඡා ආරම්භවීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වසර තුනක් පුරා ඇදී යමින් පවතින රුසියානු -යුක්රේන යුද අර්බුදය අවසන් කිරීමට පුටින්ගේ එකඟතාව වැදගත් සාධකයක් වනු ඇතැයි ද, එය ගෝලීය ආර්ථිකය නැවත යහපත් තත්ත්වයකට පත් කිරීමට ඉවහල් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here