12
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම අනුව ආදායම් සම්බන්ධයෙන් අපට රාමුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් ආදායම සියයට 15.1ක් සහ ප්‍රාථමික ගිණුමේ ධන ශීර්ෂය 2.3ක් තිබිය යුතුයි. මීට කලින් අය-වැය ලේඛනවලින් කළ විදිය නැතිව අපි කළේ මේ දුන් සීමාව තුළ අය-වැයෙන් සියයට 13ක වියදම් රටේ ප්‍රමුඛතම කාර්යන්වලට යොමු කළා. ඒ නිසා ඕනෑම අයකුට පසුගිය අය-වැය සමඟ සන්සන්දනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව පුනරුද යුගයකට නිෂ්පාදන ආර්ථිකයකට යාමට හැකි අඩිතාලම 1977 වසරෙන් පසුව පළමු වතාවට වැටෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම තුළ තිබෙන අය-වැය සීමාවන් තුළ සිට ඉතාම හොඳින් මුදල් කළමනාකරණය සඳහා ලෝකයටම ආදර්ශයක් වන ලෙස රටේ ප්‍රමුඛතම කාර්යන්ට අවස්ථාව දී තිබෙනවා. ව්‍යවසායකත්ව හා කර්මාන්ත අංශය තුළට දැවැන්ත ආයෝජයනයක් අය-වැයෙන් ලබාදී තිබෙනවා. ආනයන බදු ප්‍රතිපත්තියක් රටේ තිබුණේ නැහැ. නිෂ්පාදන යෙදවුම් සඳහා තිබෙන බදු අවම කර නිෂ්පාදන යෙදවුම් සඳහා වන පිරිවැය අඩු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රුපියල් මිලියන 20ක ණයක් ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණය තුළින් ව්‍යාපාර අංශයට දැවැන්ත පහසුවක් ලබාදී තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හෝල්ඩිං කම්පැනියක්, සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම ඇතුළු දැවැන්ත ව්‍යුහයන් මේ ආර්ථිකය තුළ තිබෙනවා.
ආබාධිත දරුවන් සම්බන්ධයෙන් ද මෙහි ඇතුළත්. වසර ගණනාවක් තිස්සේ අපි අපේක්ෂා කළ අය-වැයක් මෙවර ඉදිරිපත් කිරීමට අපිට හැකි වුණා. සමස්තයක් ලෙස සියලු ජනතාවගේ අපේක්ෂාවන් මේ අය-වැය තුළ ඇතුළත්ව තිබෙනවා.








