Home World News Room : සවුදියේදී වසර 34ක සිරදඬුවම් ලැබූ එංගලන්ත සරසවි සිසුවිය නිදහස්

News Room : සවුදියේදී වසර 34ක සිරදඬුවම් ලැබූ එංගලන්ත සරසවි සිසුවිය නිදහස්

0
0

කාන්තා අයිතීන් සඳහා සහාය පළ කරමින් සමාජ මාධ්‍යයට සටහනක් මුදා හැරීමේ වරදට සවුදි අරාබියේ වසර 34ක සිරදඬුවම් ලබා සිටි එංගලන්තයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ සිසුවියක වසර 4කට පසු නිදහස් කිරීමට එරට අභියාචනාධිකරණය පියවර ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘දි ගාඩියන්’ පුවත් සේවය වාර්තා කළේය. ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටි සල්මා අල් ශෙහාබ් නමැති එම 36 හැවිරිදි සවුදි ජාතික කාන්තාව වසර 2021 ජනවාරියේ දී කෙටි නිවාඩුවකට සිය රට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත්වූ අතර, විශේෂ අපරාධ අධිකරණයේදී වසර 34ක සිරදඬුවමක් නියම කර ඇත්තේ එක්ස් (එවකට ට්විටර්) සමාජ මාධ්‍යජාලය භාවිත කරමින් ජනතාව අතර කැළඹීමක් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ සටහනක් නිකුත් කිරීමේ චෝදනාවටය.

ඇය නිදහස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන සහ සවුදි අරාබියේ මානව හිමිකම් සංවිධාන රැසක් ඉදිරිපත් වී ඇති අතර, ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ විද්වතුන්, ශිෂ්‍යයන් සහ කාර්ය මණ්ඩලයේ 300කට අධික පිරිසක් ඇගේ නිදහස වෙනුවෙන් විවෘත ලිපියකට අත්සන් තබා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here