Home World News Room : කෙනඩි ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ ලිපිලේඛන 2,400ක් විමර්ශකයන් අතට

News Room : කෙනඩි ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ ලිපිලේඛන 2,400ක් විමර්ශකයන් අතට

0
0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව යළි හාරා අවුස්සන හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ සුලමුල පරීක්ෂා කරන එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මෙතෙක් අනාවරණය නොවූ 2400කට අධික ලිපිලේඛන තොගයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙනඩි ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් නව වාර්තා තොගයට ඇතුළත් බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අපකීර්තියට පත්වූ ඝාතනයක් ලෙස සැලකෙන කෙනඩි ඝාතනයට අදාළව රජය සතු ලිපිගොනු ප්‍රසිද්ධියට පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ ජනපති ධුරයේ දිවුරුම් දීමේ උණුසුම මැකී යෑමටත් පෙරය. කෙනඩි ඝාතනයට අමතරව සුප්‍රකට කළු ජාතිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං සහ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ ඝාතන පිළිබඳ මහජනතාවට දැනගැනීමට අවස්ථාව ලැබිය යුතු බවට අවධාරණය කරමින් ජනාධිපතිවරයා එම නියෝගය නිකුත් කර තිබිණි. ඔහු එම නියෝගය නිකුත් කර ඇත්තේ මීට වසර 60කට පෙර සිදුවූ එම ඝාතන පිළිබඳ මහජනතාවට දැනගැනීමට අවස්ථාව ලැබිය යුතු බවට අවධාරණය කරමිනි.

60 දශකයේ මුල් භාගයේදී අමෙරිකාවේ 35 වැනි ජනාධීපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් එෆ් කෙනඩි 1963 වසරේ නොවැම්බර් මස 22 වැනිදා ඩලස් නුවර වීදි පෙළපාලියකට සහභාගි වෙමින් සිටියදී ස්නයිපර් තුවක්කුකරුවකු අතින් ඝාතනයට ලක්වූ අතර, සැකකාර පුද්ගලයා ද විමර්ශන කටයුතු අතරතුර ඝාතනයට ලක්වීමෙන් කෙනඩි ඝාතන නඩුව වසා දැමීමට පියවර ගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here