Home World News Room : ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බංග්ලාදේශයේ හිස ඔසවයි

News Room : ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බංග්ලාදේශයේ හිස ඔසවයි

1
0

ශෙයික් හසීනාගේ පාලනය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදය හිස ඔසවා ඇතැයි ඩකා විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශයේ මහාචාර්ය නස්මුල් අහ්සාන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉවත්වී රටින් පිටවීමෙන් පසු එම ඉස්ලාමීය සංවිධානවලට වැඩි නිදහසක් ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. බංග්ලාදේශයේ තහනමට ලක්වී ඇති ඇතැම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන මේ වනවිට මාධ්‍ය සාකච්ඡා පවා පවත්වන තත්ත්වයට නැවත ක්‍රියාත්මක වී ඇතැයිද මහාචාර්ය නස්මුල් අහ්සාන් සඳහන් කර තිබේ.

පසුගියදා ශෙයික් හසීනාගේ පියාට අයත් ඓතිහාසික නිවස ගිනි තබා විනාශ කිරිමට එම තහනම් සංවිධානවල සාමාජිකයන් ද සහභාගි වී ඇති බවත්, ඔවුන් සිය සංවිධානවල පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කළ බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබේ. එම සිදුවීමට සම්බන්ධ වූ බවට ඩකා පොලිසිය සැකකරුවන් 40කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here