Home World News Room : සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමෙන් සෙලිනා ගෝමස් හඬා වැටෙයි

News Room : සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමෙන් සෙලිනා ගෝමස් හඬා වැටෙයි

0
0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව සංක්‍රමණිකයන් වැටලීම සහ පිටුවහල් කිරීම සම්බන්ධව ලෝක ප්‍රකට නිළියක සහ ගායිකාවක වන සෙලිනා ගෝමස් සිය කනගාටුව ප්‍රකාශ කරමින් හඬා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජාතිකයකු වුවද සෙලිනාගේ පියා මෙක්සිකෝ ජාතිකයකු වන අතර, සමූහ පිටුවහල් කිරීම් විවේචනය කරමින් සමාජ මාධ්‍ය ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර ඇතැයි ද, එහිදී ඇය හඬා වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ‘දරුවනි, මට තේරෙන්නේ නෑ.

මට ගොඩක් කනගාටුයි. මට සමාවෙන්න. මේ ගැන මට යමක් කළ හැකි නම් හොඳයි කියා සිතෙනවා. ඒත් මට එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. මම මොනව කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්නම් කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා.’ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයට ඇය විසින් නිකුත් කරනු ලැබූ වීඩියෝ පටයේ එසේ සඳහන් වන බව වාර්තා වේ.

ඇගේ විඩියෝ පටයට අතිවිශාල ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, එම වීඩියෝ පටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ වැඩසටහන මෙහෙයවනු ලබන ටොම් හෝමන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

The post සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමෙන් සෙලිනා ගෝමස් හඬා වැටෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here