1
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09වැනිදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී ඇත.
ජනසෙත පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සමගි ජන බලවේගය
පොදුජන එක්සත් පෙරමුණ
පොදුජන එක්සත් නිදහස් සන්ධානය
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය
ජාතික ජන බලවේගය
ජාතික ජනතා පක්ෂය
දෙවන පරපුර පක්ෂය
මේ අතර ස්වාධීන කණ්ඩායම් 02ක් නාමයෝජනා පත්‍ර භාරදී ඇති අතර ඇප තැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කර නොතිබුණි.








