Home World News Room : දීපිකාගේ හා රන්වීර්ගේ කැදැල්ලට දූ සිඟිත්තක් පැමිණෙයි

News Room : දීපිකාගේ හා රන්වීර්ගේ කැදැල්ලට දූ සිඟිත්තක් පැමිණෙයි

5
0

ඉන්දීය සුප්‍රකට සිනමා තරුවක් වන දීපාකා පදුකොන් සහ රන්වීර් සිංගේ ආදරණීය පවුලට එකතු වූ අලුත් අමුත්තා ගැන ඊයේ (08) නිළ වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි.

ඔවුන්ගේ කුළුඳුල් දියණිය ඊයේ මෙලොව එළිය දුටුවාය.

දීපිකා – රන්වීර් පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිල වශයෙන් ම පෙබරවාරි මාසයේදීයි නිවේදනය කළේය.

ඒත් එක්කම දරුවා ලැබීමට නියමිත සැප්තැම්බර් මාසයේදී බවත් ඔවුන් එහි සඳහන් කරලා තිබුණි.

ගැබ් ගැනීම නිවේදනය කළ දීපිකාට සුබ පණිවිඩ මෙන්ම විවිධ දෝෂා රෝපණ ද ගලා ආවේ නොසිතු පරිද්දෙනි

බොහෝදෙනා  ඇය ව්‍යාජ ලෙස ගැබ් ගත් ස්වරූපයක් පෙන්නුම් කරමින් සිටින බව ප්‍රකාශ කළහ.

මේ සියල්ල නිහතමානී ලෙස දරාගත් ඔවුන් විවේචන මැද අපූරු ඡායාරූප කිඑහිපයක් ද සමාජ මාධ්‍යට මුදා හැර තිබිණි.

The post දීපිකාගේ හා රන්වීර්ගේ කැදැල්ලට දූ සිඟිත්තක් පැමිණෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here